රජය IMF සමග වැඩසටහනකට යාමට කටයුතු කරමින් සිටිනවා – බැසිල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටනකට යාමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව වන සාකච්ඡා සාර්ථක බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ෆයිනෑන්සියල් ටයිම්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති තත්ත්වය විසඳා ගැනීම සඳහා සෑම කෙනෙකු සමග සාකච්ඡා කරමින් පවතින් බවත් ශ්‍රී ලංකාවට සියලු විකල්ප පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් ඔහු පැවැසීය.

මේ වසරේදී ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක ණය පියවීමට පවතින අතර ශ්‍රී ලංකාවට ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න විදෙස් සංචිත ප්‍රමාණයක් පමණක් බවත්, මෙම තත්ත්වය කළමණාකරණය අපහසු බවත් ඔහු සඳහන් කරයි.

ණය ගෙවීමට මුදල් සොයා ගැනීමට අමතරව ආහාර, ඉන්ධන, අමුද්‍රව්‍ය වැනී දෑ ආනයනය කිරිමට ද මුදල් සොයා ගත යුතුව ඇතැයි ද ඔහු පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *