බොහෝ දුරට පෙබරවාරි මස අග වන විට ශ්‍රී ලංකාවේ වශයෙන්ම ඔමික්‍රෝන් රැල්ලක් – මහාචාර්ය අර්ජුන ද සිල්වා

බොහෝ දුරට පෙබරවාරි මස අග වන විට ශ්‍රී ලංකාවේ වශයෙන්ම ඔමික්‍රෝන් රැල්ලක් - මහාචාර්ය අර්ජුන ද සිල්වා

බොහෝ දුරට පෙබරවාරි මස අග වන විට ශ්‍රී ලංකාවේ වශයෙන්ම ඔමික්‍රෝන් රැල්ලක් - මහාචාර්ය අර්ජුන ද සිල්වා

ඔමික්‍රෝන් රැල්ලක් නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේද ඇති වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

අප වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ, බොහෝ දුරට පෙබරවාරි මස අග වන විට එම රැල්ල ඇති විය හැකි බවය. මේ වන විට ලොව පුරා බොහෝ රටවල්වලද ඔමික්‍රෝන් රැලි හටගෙන ඇති අතර ශ්‍රී ලංකාවේද එවැනි රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකි බවද මහාචාර්යවරයා අවධාරණය කළේය.

ඔහු පෙන්වා දුන්නේ, ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියද අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූවන් පෙන්වන රෝග ලක්ෂණ අඩු වීම හේතුවෙන් ඔවුන් නිවසේ තබා ප්‍රතිකාර කළ හැකි බවය. ඒ හේතුවෙන්, රෝහල් ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් ඇති නොවන බවද මහාචාර්යවරයා පැවසීය.

ඔහු අවධාරණය කළේ, වෛරසය ව්‍යාප්ත වීම සහ ආසාදිතයින් වාර්තා වීම අඩු කර ගැනීමට ඇති එකම පිළියම එන්නත්කරණය බවත් තුන් වන මාත්‍රාව ලබා ගැනීම අතිශය වැදගත් බවත්ය.

එමෙන්ම, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කිරීම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

“මෙහෙම රැල්ලක් එයි. මොකද හැම රටේම ඇවිල්ලා තියෙනවා, අපේ විතරක් එන්නේ නෑ කියලා හිතන්න බැහැ. අපි මෙච්චර කල් එහෙම හිතලා වැරදුණා නේ. අනිවාර්යයෙන් එනවා. ඒකට සාමාන්‍ය සෞඛ්‍ය පිළිවෙත් අරගෙන, තුන් වන මාත්‍රාවත් අරගෙන හිටියොත් අපිට එදිනෙදා ජීවිතේ කරදරයක් නැතිව කටයුතු කරන්න පුළුවන්.”

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, පෙර පැවති කොරෝනාවෛරස් ප්‍රභේදවලින් ඇති වූ රැලි මෙන් නොව ඔමික්‍රෝන් රැල්ල ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවය. ඒ හේතුවෙන් නැවත වරක් රට වසා දැමීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවද මහාචාර්යවරයා වැඩිදුරට ත් පෙන්වා දුන්නේය.

– mawbima

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *