වර්ණගල වනාන්තර සංකීර්ණය සංරක්ෂිත කලාපයක් ලෙස පත් කිරීමට ජාතික පරිසර සභාවෙන් තීරණයක්

වර්ණගල වනාන්තර සංකීර්ණය සංරක්ෂිත කලාපයක් ලෙස පත් කිරීමට ජාතික පරිසර සභාවෙන් තීරණයක්

වර්ණගල වනාන්තර සංකීර්ණය සංරක්ෂිත කලාපයක් ලෙස පත් කිරීමට ජාතික පරිසර සභාවෙන් තීරණයක්

කුරුවිට වර්ණගල රක්ෂිතය සංරක්ෂිත පාරිසරික කලාපයක් ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යාංශයේ ජාතික පරිසර සභාව තීරණය කරයි.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික පරිසර සභාව (20) රැස්වූ අතර එහිදී පරිසර සංරක්ෂණයට අදාල කරුණු රැසක් සම්බන්ධව සාකච්ඡා කළේය.

ඒ අතර ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජනයවූ මාතෘකාවක් වුයේ වර්ණගල වන සංරක්ෂිතය ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළ සම්බන්ධවයි.

මින් පෙර පරිසරවේදීන් ගණනාවක් වර්ණගල රක්ෂිතය සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කළේය. ඒ අනුව වර්ණගල රක්ෂිතයේ ආරක්ෂාව සම්බන්ධව සුදුසු පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජාතික පරිසර සභාවට උපදෙස් දුන්නේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි වර්ණගල වන රක්ෂිතය පහතරට තෙත් සදාහරිත වෘක්ෂලතාදියෙන් සමන්විත ජෛව විවිධත්වයෙන් ඉහළ වටිනාකමක් සහිත පරිසර පද්ධතියක් වේ. සත්ත්ව විශේෂ 219ක් සහ සපුෂ්ප ශාක 164කින් සමන්විත ශාක හා සත්ව විශේෂ 383ක් මෙම වන රක්ෂිතය තුළ පවතින බව වාර්තා වී ඇත. අප රටට ආවේණික උඩවැඩියා විශේෂයක් වන Podochilus warnagalensis විශේෂයද මෙම රක්ෂිතය තුළින් වාර්තා වී තිබේ.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ එකොළහක් සහ ශාක තුනක් ඇතුළුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ දහහතරක් සහ වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ රැසක් ද වර්ණගල රක්ෂිතය තුළ ඇති බව තහවුරු වී තිබේ. එමෙන්ම අප රටට ආවේණික Webless Shrub Frog (Pseudophilautus hypomelas) පඳුරු මැඩි විශේෂයද මෙම රක්ෂිතයෙන් වාර්තා වේ.

වර්ණගල වනාන්තර සංකීර්ණය සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජාතික පරිසර සභාව විසින් තීරණය කිරීම මගින් මෙහි ඇති සුවිශේෂී ජෛව විවිධත්ව සංරක්ෂණයට ඉවහල් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *