ජෛව බුබුළු අවශ්‍ය නෑ; කොවිඩ් පරීක්ෂණ සහ එන්නත්කරණ සහතික පමණක් ප්‍රමාණවත් – වෛද්‍ය හේමන්ත හේරත්

කොවිඩ් සම්බන්ධව සුභදායී කාලයක් – වෛද්‍ය හේමන්ත හේරත්

කොවිඩ් සම්බන්ධව සුභදායී කාලයක් – වෛද්‍ය හේමන්ත හේරත්

විදෙස් සංචාරකයන් සඳහා ක්‍රියාත්මක කළ ජෛව ආරක්ෂණ බුබුළු සංකල්පය තවදුටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය බළධාරීන් පවසනවා.

විදෙස් සංචාරකයන් සඳහා දැනට ක්‍රියාත්මක කොවිඩ් පරීක්ෂණ සහ එන්නත්කරණ සහතික පමණක් ප්‍රමාණවත් බවත් ඉන් පරිබාහිරව පැමිණෙන පුද්ගලයන්ට අවශ්‍ය නම් ජෛව ආරක්ෂණ බුබුළු වැඩපිළිවෙල ක්‍රියාත්මක කළහැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා. ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමිනි.

මාධ්‍ය හමුවට සහභාගි වූ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ පසු කොවිඩ් රෝග තත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ අවධානය යොමුව තිබෙන බවයි. ඒ අනුව දියවැඩියාව වැනි බෝ නොවන රෝග තත්වයන් පිළිබඳව, රෝහල්වල ක්‍රියාත්මක සුවදිවි මධ්‍යස්ථාන හරහා සොයා බලන බවද වෛද්‍යවරිය පැවසුවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *