වවුනියා ප්‍රදේශයේ මෝටාර් උණ්ඩ සහ තුවක්කු සොයා ගැනේ

වවුනියා ප්‍රදේශයේ ස්ථාන දෙකකින් මෝටාර් උණ්ඩ සහ තුවක්කු (21) සොයා ගෙන තිබේ.

වවුනියා ඕමන්තෙයි, නාවර්කුලම් කැළෑ ප්‍රදේශයේ සිට දේශීය නිෂ්පාදිත රයිෆල් තුවක්කුවක් ඕමන්තෙයි පොලීසිය විසින් සොයා ගෙන ඇත.

එමෙන්ම වවුනියාව ඊච්චන්කුලම්, තවසියාකුලම් ප්‍රදේශයේ මිලිමීටර් 60ක සෙල් උණ්ඩ සහ බෝම්බ පොකුරක් ඊච්චන්කුලම් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන ඕමන්තෙයි සහ ඊච්චන්කුලම් පොලීසිය විසින් සිදු කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *