Pfizer සමාගමේ සභාපති ඇල්බර්ට් බොයුර්ලාට COVID-19 මර්දන එත්තත වෙනුවෙන් ඩොලර් මිලියනයක ත්‍යාගයක්

Pfizer සමාගමේ සභාපති ඇල්බර්ට් බොයුර්ලාට COVID-19 මර්දන එත්තත වෙනුවෙන් ඩොලර් මිලියනයක ත්‍යාගයක්

Pfizer සමාගමේ සභාපති ඇල්බර්ට් බොයුර්ලාට COVID-19 මර්දන එත්තත වෙනුවෙන් ඩොලර් මිලියනයක ත්‍යාගයක්

Pfizer සමාගමේ සභාපති ඇල්බර්ට් බොයුර්ලා විසින් COVID-19 මර්දන එත්තතක් නිපදවීම සඳහා සිදුකරන ලද මැදිහත්වීම වෙනුවෙන් 2022 වසරේ Genesis Prize මගින් ඔහුට එක්සත් ජනපද ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදී ඇතැයි පවසයි.

මෙහිදී එම එන්නතක් නිපදවීම සඳහා ඔහු දැක්වූ නායකත්වය, අධිෂ්ඨානය මෙන්ම විශේෂයෙන්ම දැඩි අවදානමක් ලබා ගනිමින් බලාපොරොත්තු සහගතව කටයුතු කිරීම යනාදී කරුණු හේතුවෙන් මෙම ත්‍යග මුදල ලබාදෙන බව මෙම ත්‍යගය පිරිනමන Genesis පදනම පවසයි. මෙම Genesis පදනම මගින් ලොව මානුෂිකත්වය වෙනුවෙන් සහ යුදෙව් වටිනාකම් වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙන පුද්ගලයන් ඇගයීම වෙනුවෙන් මෙලෙස ත්‍යාග පිරිනැමීමක් සිදුකරන සංවිධානයකි මේ සඳහා සුදුසු හිමිකරුවා තෝරාගැනීම වෙනුවෙන් අන්තර්ජාලය හරහා ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, එහිදී ලොව රටවල් 7කින් පුද්ගලයන් 200,000ක් දෙනා ලබාදුන් ඡන්ද අතරින් වැඩිම සංඛ්‍යාව දිනා ගැනීමට Pfizer සමාගම් ප්‍රධානියා සමත්වී තිබේ.

මෙම ත්‍යගය ලබාදීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති Genesis පදනම, “මෙලෙස COVID-19 වෛරසයට එරෙහිව නව එන්නතක් නිපදවීමේ කටයුදී ඇමරිකා එක්සත් ජනපද රජය මගින් ඔහුට ලබාදීමටත් නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක් වන සහනය ප්‍රතික්ෂේප කළා. ඔහු එසේ කළේ එක්සත් ජනපද රයේ පවතින නිලධාරිවාදය පිටුදකිමින් මෙම එන්නෙතේ නිෂ්පාදනය වේගවත් කිරීමටයි.” යනුවෙන් සඳහන් කර තිබේ.

“මෙතැනදී බොයුර්ලා විසින් ඉතාමත් වැදගත් යුදෙව් වටිනාකම් දෙකක් ආරක්ෂා කරගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු ජීවිතයේ පවිත්‍රතාව වෙනුවෙන් සහ ලෝකය අලුත්වැඩියා කිරීම වෙනුවෙන් මෙලෙස දායකත්වය ලබාදුන්නා. මේ වසංගතය දැන් තරමක් දුරට තුරන් වෙමින් තිබෙද්දී, මිලියන ගණනක් වන ජනතාවට ජීවත්වීමට වගේම සොඛ්‍ය සම්පන්න වීමට හේතු වුණේ ආචාර්ය බොයුර්ලා සහ ඔහුගේ Pfizer සමාගමේ කණ්ඩායම ලබාදුන් දායකත්වය නිසයි.” යනුවෙන් Genesis පදනමේ සභාපති ස්ටාත් පොලාවෙට්ස් සඳහන් කර තිබේ.-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *