රුපියල් කෝටි 3කට ආසන්න රත්මලානේ කුඩු අංජුගේ දේපල තහනම්

0
රුපියල් කෝටි 3කට ආසන්න රත්මලානේ කුඩු අංජුගේ දේපල තහනම්

රුපියල් කෝටි 3කට ආසන්න රත්මලානේ කුඩු අංජුගේ දේපල තහනම්

ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් බව කියන රුපියල් කෝටි 3කට ආසන්න දේපල (21) තහනම් කරනු ලැබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

තහනමට ලක් කරන ලද දේපල අතර මොරටුමුල්ල ප්‍රනාන්දු මාවතේ සුඛෝපභෝගී නිවාස සහිත ඉඩම් දෙකක්, ලොරියක් ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක්ද වන බව පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ එම දේපළ මිලදීගෙන තිබූ මත්කුඩු ජාවාරමට සම්බන්ධ කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස හොරයින් මත්කුඩු ග්‍රෑම් 75ක් සමග මොරටුමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට අඹු සැමි යුවල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කාන්තාව ඇප මත මුදා හැර තිබූ අතර එම සැකකාරියගේ ස්වාමිපුරුෂයා රිමාන්ඩ් භාරයට පත්කර තිබිණි.

සැකකාරිය මෙම ජාවාරම සිදු කර ඇත්තේ ගෘහ භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක් සිදු කරන මුවාවෙන් බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාරිය හතළිස් එක් හැවිරිදි තැනැත්තියකි සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com