අලි සබ්රිට මින් ඉදිරියට අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් නොකරන බවට මැඩිල්ලේ හිමිගෙන් ප්‍රකාශයක්

අලි සබ්රිට මින් ඉදිරියට අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් නොකරන බවට මැඩිල්ලේ හිමිගෙන් ප්‍රකාශයක්

අලි සබ්රිට මින් ඉදිරියට අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් නොකරන බවට මැඩිල්ලේ හිමිගෙන් ප්‍රකාශයක්

අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ දිසා අධිකරණය හමුවේ දී ප්‍රකාශයක් කරමින් පොරොන්දු වූහ.

අපකීර්ති දායක ප්‍රකාශ කරමින් හා එම ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලාවල පළකරමින් සිය කීර්තිනාමයට හානි කළේ යැයි අධිකරණ ඇමැතිවරයා ගොනුකළ වන්දි නඩුවක් සමථයට පත් කරමින් පඤ්ඤාලෝක හිමියෝ එසේ පැවසූහ. අධිකරණ ඇමැතිවරයා හා පඤ්ඤාලෝක හිමියන් අතර ඇතිකරගත් සමථ කොන්දේසී ප්‍රකාරව මේ ප්‍රකාශය කළහ.

අපහාස කිරීම තහනමට ලක් කරමින් සිදුකර ඇති අපහාසයට රුපියල් කෝටි 150ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අධිකරණ ඇමැතිවරයා විසින් මේ නඩුව පසුගිය වසරේ මැයි 27වැනි දින ගොනු කරන ලදි. වගඋත්තරකාර හිමියන් විසින් youtube, ෆේස්බුක් හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුකරන අපහාසය තහනම් කරන ලෙසත් සිදුකර ඇති අපහාසයට වන්දි අය කර දෙන ලෙසත් පැමිණිල්ල මඟින් ඉල්ලා තිබිණි.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ඉදිරියේ (20) දින නඩුව කැඳවූ අතර දෙපාර්ශ්වය අතර ඇති කරගත් සමතයක් ප්‍රකාරව නඩුව අවසන් කරන බව නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *