චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,00000ක පරිත්‍යාගයක්

සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නෑ
සහල් මෙට්‍රික් ටොන් දස ලක්‍ෂයක ප්‍රමාණයක් චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව රජය (19) ප්‍රකාශ කළා.
දෙරට අතර රබර් – සහල් ගිවිසුමට වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙම පරිත්‍යාගය චීන රජය සිදුකරන බවයි (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සදහන් කළේ.
ශ‍්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර චීනයෙන් මෙසේ නොමිලේ ලබා දෙන ප්‍රමාණය මාස පහක් සදහා රටටම ප‍්‍රමාණවත්ය.