නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්; නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඩී.එම්. අනුර දිසානායක පත්වීම් ලබයි

නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්; නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඩී.එම්. අනුර දිසානායක පත්වීම් ලබයි

නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්; නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඩී.එම්. අනුර දිසානායක පත්වීම් ලබයි

හිටපු ජනපති ලේකම් පීබී ජයසුන්දර මහතා ඉවත්වීමෙන් ඇතිවූ ප්‍රරප්පාඩුව සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කර තිබේ. මේ දක්වා අගමැති ලේකම් ලෙස ඔහු කටයුතු කරමින් සිටියේය.

පත්වීම් ලිපිය, ජනාධිපතිතුමා විසින් (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ගාමිණී සෙනරත් මහතා වෙත භාර දෙනු ලැබිණ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි වශයෙන් ද 2004 -2005, 2019 වසරවල සහ වත්මන් ආණ්ඩුවේ දී ද මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඩී.එම්. අනුර දිසානායක මහතා පත් කළ අතර ජනාධිපතිතුමා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අනුර දිසානායක මහතා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. අමාත්‍යාංශ කිහිපයක ලේකම් ධුරය හොබවා ඇති ඒ මහතා රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු රැසක් හෙබවූ අත්දැකීම් බහුල රාජ්‍ය නිලධාරියෙකි.

අනුර දිසානායක මහතාගේ නව පත්වීමත් සමග පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඩබ්. අයිවන් ද සිල්වා මහතා පත් කර ඇති අතර ජනාධිපතිතුමා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය.

රටේ සෑම දෙයක්ම රාජ්‍ය සේවය මත රඳා පවතී. එම නිසා සියලුම අමාත්‍යාංශ ලේකම්වරු ඉදිරියේ දැවැන්ත වගකීම් කොටසක් පැවරී ඇති බව ජනාධිපතිතුමා සියලුම කැබිනට් ලේකම්වරුන් අමතමින් සඳහන් කළේය.

රජයේ ඉදිරි සැලසුම් සහ ඉලක්ක අමාත්‍යාංශ වෙත ලබාදී තිබේ. නිලධාරීන් දිරිගන්වමින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම අමාත්‍යාංශ ලේකම්වරු සතු වගකීමක් බව ජනාධිපතිතුමා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *