“විදෙස් සංචාරකයින්ට පමණයි” හෝටල්වලට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් දැනුම් දීමක්

ජනවාරී 1දා සිට ඔක්තොම්බර් 31 දක්වා විදෙස් සංචාරකයන් 568,000ක් ශ්‍රී ලංකාවට

ජනවාරී 1දා සිට ඔක්තොම්බර් 31 දක්වා විදෙස් සංචාරකයන් 568,000ක් ශ්‍රී ලංකාවට

සංචාරක පහසුකම් සපයන ආයතන දේශීය සංචාරකයින් නොසලකමින් “විදෙස් සංචාරකයින්ට පමණයි” යන ප්‍රතිපත්තිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දැනුම් දීමක් සිදු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ, දේශීය සංචාරකයින් නොසලකා හරිමින් සිදු කරන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ය.

සංචාරක පහසුකම් සපයන ආයතන එම ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ නම් එම ආයතනවල බලපත්‍ර අත්හිටුවීමට පසුබට නොවන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය.

එමෙන් ම විදෙස් සංචාරකයින්ට සහ සංචාරක පහසුකම් සපයන ආයතනවල නියෝජිතයින් ඔන්ලයින් ඔස්සේ ස්ථාන වෙන්කර ගැනීම් සිදු කිරීමෙන් වළකින ලෙස දැනුම් දෙන බව එම නිවේදනයේ වැඩිදුරට ත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *