අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නොමිලේ සූර්යකෝෂ –  ගාමිණී ලොකුගේ

අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලේ සූර්ය කෝෂ ලබාදීමට විදුලි බල අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ එම නව වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව එක් ග්‍රාම නිලධාරී කොට්ඨාශයකින් එක් නිවසක් තෝරා ගෙන නිවාස 14,000කට වොට් 5,10 සහ 15 ප්‍රමාණයන්ගෙන් සූර්ය කෝෂ සවිකරනු ඇති.

මීට අමතරව ආගමික සිද්ධස්ථාන සඳහා ද සූර්ය කෝෂ සවි කිරීම සිදු කරන බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *