අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1700ක් මාස 2කට වැඩි කාලයක් වරායේ

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මාස 2කට අධික කාලයක සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,700 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායේ සිර වී තිබේ.
අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු වෙත ඩොලර් නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.
මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී විෂය භාර අමාත්‍යවරුන් ඇතුළු රජයේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වුව ද මෙතෙක් ඩොලර් නිකුත් කිරීම පිළිබඳ සාධාරණ විසඳුමක් ලැබී නොමැති බව එම සංගමය පෙන්වා දෙයි. මෙනිසා රට තුළ භාණ්ඩ හිඟයක් ද නිර්මාණය වී ඇති අතර එම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් දැකිය හැකි බව සඳහන් වේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 18 වනදා වෙළෙඳ අමාත්‍යවරයා සමග හමුවක් පැවැත්වෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.
සිමෙන්ති නිෂ්පාදන කටයුතුවලට ද මෙමගින් බාධා එල්ල වී ඇති බව එම සමාගම් පවසයි.