මධ්‍යම අධිවෙිගයේ KM 41න් 37ක් හැදුවෙ යහපාලන ආණ්ඩුව, KM 4ක් හදලා ලකුණු දාගන්නට හදනවා – කිරිඇල්ල

මුදල් ඇමති පිලිතුරු දෙන්න නියෝග කරන්න; මාස තුනකින් පාර්ලිමේන්තුවේදී කතා කර නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල

මුදල් ඇමති පිලිතුරු දෙන්න නියෝග කරන්න; මාස තුනකින් පාර්ලිමේන්තුවේදී කතා කර නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල

මධ්‍යම අධිවෙිගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ කිලෝමීටර් 41න් 37ක වැඩ යහපාලන ආණ්ඩුව විසින් අවසන් කර තිබුනැයි ද වත්මන් ආණ්ඩුව වසර දෙකක් තිස්සේ හැදුවේ ඉතිරි කිලෝ මීටර් 4ක් බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවසීය.

වත්මන් ආණ්ඩුව අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණක් ඉදි කොට දැන් ලකුණු දාගන්නට හදන බවද දින 52 කුමන්ත්‍රණය වන විටත් අදාල කිලෝමීටර් 41න් 37ක වැඩ අවසන් කර තිබූ බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

2015 වසරේ දී යහපාලන ආණ්ඩුව පත් වන විට අධිවේගී මාර්ගයේ බිම් අඟලකවත් මැනීම් කටයුතු සිදු කර නොතිබූ බව කී කිරිඇල්ල මහතා යහපාලන ආණ්ඩුව පත්වූ පසු වන්දි ගෙවා ඉඩම් අත්පත් කර ගැනීම සිදුකළ බවද ඉන්පසුව 2016 වසරේ ඔක්තෝම්බර් මාසයේ එහි වැඩ පටන් ගත් බව කී කිරිඇල්ල මහතා දේශීය කොන්ත්‍රාත් කරුවන් 16 දෙනෙකුට එහි වැඩ බාර දුන් බවද සඳහන් කළේය.

එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කිසිදු විදේශ ණයක් නොගත් බවත් මහා භාණ්ඩාගාරයේ මුදලින් පමණක් එහි ඉදිකිරීම් කටයුතු කළ බවත් කිරිඇල්ල මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *