ඉන්ධන ලබා ගැනීමට නම් අවශ්‍ය වන්නේ සාකච්ඡා නොව ඩොලර් – ගම්මන්පිල; ඉන්ධන දුන්නෙ නැතිනම් තීන්දුවක් ගන්නවා – ගාමිණී ලොකුගේ

ඉන්ධන ලබා ගැනීමට නම් අවශ්‍ය වන්නේ සාකච්ඡා නොව ඩොලර් - ගම්මන්පිල; ඉන්ධන දුන්නෙ නැතිනම් තීන්දුවක් ගන්නවා - ගාමිණී ලොකුගේ

ඉන්ධන ලබා ගැනීමට නම් අවශ්‍ය වන්නේ සාකච්ඡා නොව ඩොලර් - ගම්මන්පිල; ඉන්ධන දුන්නෙ නැතිනම් තීන්දුවක් ගන්නවා - ගාමිණී ලොකුගේ

ඉන්ධන සඳහා බිලියන 80ක හිඟ මුදල ඇතිවූයේ තමන්ගේ කාලයේ නොවන බවත් ගම්මන්පිල බලශක්ති ඇමතිවරයා ඉන්ධන ලබා නොදෙන්නම් විදුලිය ලබාදීම සම්බන්ධව තමන්ට තීන්දුවක් ගන්නවන බවත් විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ (18) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විදුලි බල ඇමතිවරයා මෙසේද කීවේය.”අඛණ්ඩව විදුලිය ලබා දීමට අවශ්‍ය තෙල් ලබා ගැනීම සඳහා හෙට තෙල් සංස්ථාව එක්ක සාකච්ඡා කරනවා. අපි ඉල්ලීමක් කරනවා අපට තෙල් ටික ලබා දෙන්න කියලා. ගම්මන්පිල මහත්තයා කියන බිලියන 80ක් 90ක් ගෙවන්න තියන එක අපේ කාලෙ වෙච්ච දේවල් නෙමෙයි. තෙල් සංස්ථාව අපට 22 වෙනකම් මේ තෙල් ප්‍රමාණය නුදුන්නොත් අපට තීන්දුවක් ගන්න වෙනවා මොකක්ද කරන්නෙ කියලා”.

විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමට නම් අවශ්‍ය වන්නේ සාකච්ඡා නොව අවශ්‍ය ඩොලර් ලබාදීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සමග (18) දිනයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවට විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ (17) සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව ප්‍රකාශ කළා. අවශ්‍ය මුදල් නොමැතිව විදුලි බල මණ්ඩලයට සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන නිකුත් නොකිරීමටයි ඉකුත්දා ඛණිජ තෙල් සංස්ථාව තීරණය කළේය.

කෙසේ වෙතත් එම තීරණයෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලය මේ දක්වා කිසිදු මුදලක් ඛණිජ තෙල් සංස්ථාවට ලබා දී නොමැති බවද බලශක්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *