අයවැය යෝජනා පරාජයවිම නිසා බලන්ගොඩ සහ මාවනැල්ල සභාපතිවරුන් වහාම තනතුරින් ඉවතට

අයවැය යෝජනා පරාජයවිම නිසා බලන්ගොඩ සහ මාවනැල්ල සභාපතිවරුන් වහාම තනතුරින් ඉවතට

අයවැය යෝජනා පරාජයවිම නිසා බලන්ගොඩ සහ මාවනැල්ල සභාපතිවරුන් වහාම තනතුරින් ඉවතට

බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධූරවලින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත් කිරිමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පියවර ගෙන තිබේ.

එම සභාපතිවරුන් ඉදිරිපත් කළ අයවැය යෝජනා පරාජයවිම නිසා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇති බලතල අනුව ඔවුන් දෙදෙනාගේ ධූරයන් ඉවත් කළ බව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

බලන්ගොඩ නගර සභාවේ සභාපති චාමික ජයමිණි වැවේගෙදර සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ චන්දන කුමාර ජයවර්ධන මහත්වරුන් ධුරයන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය (15) වැනිදා නිකුත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *