ලංකාවට ගුවන් මඟින් වරකට ඇතුළුවන අයගෙන් 4%ක් ඔමික්‍රෝන් ආසාදිතයින්

මෙරටට ගුවන් මඟින් වරකට ඇතුළුවන අයගෙන් 4%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වාර්තා අනුව පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

”ජනවාරි මස මුල් සති දෙක තුළ අපි හඳුනාගත්ත ඔමික්‍රෝන් ආසාදිතයින් පිළිබඳ වාර්තාවක් ලැබිල තියෙනවා. විශේෂයෙන් මේ වාර්තාවට අනුව අපිට නැවත නැවත කියන්න තියෙන්නේ ගුවන් මගින් රටට ඇතුල්වන සංචාරකයන් සහ අනෙකුත් අය හේතුවෙන් රටට ඔමික්‍රෝන් පැමිණීමේ බරපතල අවදානම තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා. මේ වෙනකොට අපිට පෙනෙන්නට තියෙන තත්ත්වය තමයි රටට ඇතිවන ගුවන් මගීන්ගෙන් 4%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බවට දැනට ලැබිල තියෙන දත්ත ආශ්‍රයෙන් හඳුනාගන්න පුළුවන්. මෙය විධිමත් දත්තයන් හරහා ගත්ත දෙයක් නොවන නිසා යම් ලෙසකින් 100%ක් නිවැරදි නොවෙන්න පුළුවන්. මෙහිදී බහුතරයකට රටින් පිටවෙන කොට තමයි ඔමික්‍රෝන් තිබෙන බවට වාර්තා වෙන්නේ.

මෙහි බරපතල අවදානමක් පවතින බවයි කුමුදේශ් මහතා සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *