මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවැනි අදියරය ජනතා අයිතියට

මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවැනි අදියරය ජනතා අයිතියට

මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවැනි අදියරය ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස (15) ජනතා අයිතියට පත් කෙරේ.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදි කර ඇති මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවැනි අදියරේ දුර කි.මී. 40.91කි. රුපියල් බිලියන 137ක මුදලක් මේ සඳහා වැය කර තිබේ. පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි ඉදි කළ මේ අධිවේගි මාර්ග පථය නාගරික ප්‍රදේශ මඟ හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් ගනී.

මංතීරු 4කින් සමන්විත මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගි මාර්ග කොටස ලෙස හඳුනාගෙන ඇත. දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් මේ මාර්ග කොටස ඉදි කර ඇත. මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන්හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් ඉදි කර ඇත.

මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි පැවසුවේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ මෝටර් රථ සහ කැබ්රථ ධාවනය සඳහා රුපියල් 250 ගාස්තුවක් අය කරන බවයි.

කොළඹ සිට කුරුණෑගල දක්වා ගමන් කරන අයෙකුට පැයක පමණ කාලයක් ඉතිරි කර ගත හැකි වන බවද මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *