බුස්ටර් එන්නතෙන් පසුවත් තවත් එන්නත් මාත්‍රාවක් අවශ්‍ය වන බවට මේ වන විට සාක්ෂි නොමැත – මහාචාර්ය නීලිකා මලවිගේ

බුස්ටර් එන්නතෙන් පසුවත් තවත් එන්නත් මාත්‍රාවක් අවශ්‍ය වන බවට මේ වන විට සාක්ෂි නොමැත - මහාචාර්ය නීලිකා මලවිගේ

බුස්ටර් එන්නතෙන් පසුවත් තවත් එන්නත් මාත්‍රාවක් අවශ්‍ය වන බවට මේ වන විට සාක්ෂි නොමැත - මහාචාර්ය නීලිකා මලවිගේ

කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට එන්නත් මාත්‍රා 3කට වඩා ලබාදීමට සිදු වන බවට මේ වන විට සාක්ෂි නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ විද්‍යා සහ අණුක වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (13) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

එක් එන්නත් මාත්‍රාවකින් ආරම්භවී මේ වන විට එන්නත් මාත්‍රා 3ක් දක්වා කොවිඩ් එන්නත්කරණය ඉහළ ගොස් ඇති බැවින් තවදුරටත් කොවිඩ් එන්නත් මාත්‍රා ලබා ගැනීමට සිදුවේ දැයි සමාජයේ පවතින සැකය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඇය මේ බව සඳහන් කළාය.

ඇය ප්‍රකාශ කළේ, කුඩා කලදී ලබාගෙන ඇති එන්නත් පිළිබඳව සලකා බැලීමේදී රුබෙල්ලා එන්නත හැර අනෙකුත් සෑම එන්නතකටම පාහේ එන්නත් මාත්‍රා 2 කට වඩා ලබා දුන්නේ අදාළ රෝගවලින් වැළකීමට ඇති අසීරුතාව හේතුවෙන් බවය.

එබැවින් වෛරසයේ සිදු වන වෙනස්වීම් අනුව ප්‍රතිදේහ සහ ආරක්ෂාව ක්‍රමයෙන් පහළ බැසීම හේතුවෙන් කොවිඩ්-19 රෝගයටද 3වන මාත්‍රාවක්ද ලබා දීමට අවශ්‍ය වූ බව ඇය සඳහන් කළාය.

කෙසේ නමුත් දැනට පවතින දත්ත මත සලකා බැලීමේදී කොරෝනා වසංගතය සඳහා 3 වන මාත්‍රාවට වඩා තවත් මාත්‍රා ලබා ගැනීමට අවශ්‍ය නොවනු ඇතැයිද ඇය සඳහන් කළාය. එසේ වුවද වැඩිහිටි පුද්ගලයින්ට 3 වන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රා සංඛ්‍යාවක් ලබා ගැනීමට සිදු වනු ඇති ද? යන්න නිශ්චිත නොමැති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *