බැසිල් ඇමෙරිකාව වෙනුවෙන් ඕනෑම රටකට එරෙහිව අවි දැරීමට බැදී සිටිනවා – විජයදාස රාජපක්ෂ

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නැතැයි සඳහන් කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ ලසිල් ද සිල්වා මහතා විසින් ගොනුකර ඇති පෙත්සම ලබන මස 7 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය  නියම කළේය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් ලබන මස 7 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දෙමින් බැසිල් රාජපක්ෂ
මහතාට නොතීසි භාර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ ට අභියාචනාධිකරණය විසින් වැඩිදුරටත් නම් කරන ලදී.

මෙම පෙත්සම කැඳවූ ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා හෝ ඔහුවෙනුවෙන් නීතිඥ නීතිඥවරු පෙනී නොසිටීම නිසා එලෙස නියම කළ විනිසුරු මඩුල්ල බැසිල් රාජපක්ෂ මහතාට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයේනීතිඥවරුන්ට නියම කළේය. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණ. පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ හිටපුලේකම් ලැසිල් ද සිල්වා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

පෙත්සම කැඳවනුලැබූ අවස්ථාවේ දී පෙත්සම්කරුවන් වෙන්පෙනීසිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කරුණු දක්වමින් ඇමරිකාවේ හා ලංකාවේ ද්විත්ව පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකානුපුරවැසියෙකු වශයෙන් ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී ඇතැයි පැවසීය.

එම දිවුරුම ප්‍රකාරව ඇමරිකාව වෙනුවෙන් ඕනෑම රටකට එරෙහිව අවි දැරීමට පවා ඔහුබැදී සිටින බව ද එවැනිපුද්ගලයෙකුට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බව ද පැවසූ ජනාධිපතිනීතිඥ විජයදාස රාජපක්ෂ මහතා එවැනි පුද්ගලයෙකු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

ඇමරිකානු පුරවැසියෙකුට මෙරට පුරවැසි පනතට අනුව ධුරයක් දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවත් ඒ අනුව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුමෙන්ම අමාත්‍ය වරයෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා දී ඇති දිවුරුම නීතියට පටහැනි බවත් ජනාධිපතිනීතිඥ විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත්පැවසීය.

අතිරේක සොලිසිටර් ජෙනරාල්නෙරින්පුල්ලේ මහතා කරුණු දක්වමින්ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරට රජයේ ධුර දැරීමට නොහැකි බවට බාධා පමුණුවා තිබුණේ 19 වන සංශෝධනය මගින් බවත් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එලෙස පනවා තිබූ බාධාව ඉවත් කර ඇතැයිද පැවසීය .

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අසුන්ගැනීම හා චන්දය ප්‍රකාශ කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නැතැයිද මේ වන විට ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය වරයා වශයෙන් පත් කර ඇතිහෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තිය ප්‍රකාරව මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත්පෙන්වාදුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සම තුළ ප්‍රමානවත් නීතිමය පදනමක් නොමැතිබැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමක් ද කළේය .

ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ අභියාචනාධිකරණය මෙම පෙත්සම ලබන මස 7 වැනිදා යළිකැඳවීමට නියම කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *