ඉන්දියාවට සමගාමීව ලංකාව තුළ ඔමික්‍රෝන් ව්‍යාප්තිය එක්වරම වැඩිවිය හැකියි – වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර

ජනතාව ලිස්ටීරියා පිළිබඳව දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක් - විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ

ජනතාව ලිස්ටීරියා පිළිබඳව දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක් - විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ

කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට සමාජය තුළ යම් අඩු මට්ටමකින් සංසරණය වන බවට නිර්ණය වන නමුත් එක්වරම එහි ව්‍යාප්තියෙහි වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කොළඹ ජාතික රෝහලෙහි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම පෙන්වා දුන්නේ ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන් වාර්තා වීම ඉහළ යාමට සමගාමීව ශ්‍රී ලංකාව තුළද රෝගීන් වාර්තා වීමෙහි ඉහළ යාමක් පසුගිය අත්දැකීම් මත නිරීක්ෂණය වූ බවයි. එසේම ඉන්දියාව තුළ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ ඉහළ යාමක් නියත වශයෙන්ම මේ වනවිට නිරීක්ෂණය වන බවත්, ඒ අනුව ඒ පිළිබඳ විශේෂ අවධානයක් ශ්‍රී ලංකාව විසින් යොමු කළ යුතු වන බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී කෝවිඩ් සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා සඳහන් කර සිටියේ පවතින තත්වය මත ජාතික රෝහල ඇතුළු අනෙකුත් රෝහල කෝවිඩ් වාට්ටු සහ දැඩි සත්කාර වාට්ටු තවදුරටත් ඒ සඳහා වෙන් කර පවතින බවයි. ඒ අනුව මෙම ප්‍රභේදවලින් ඇතිවන සංකූලතා අවම කර ගැනීම හා ජීවිත ආරක්ෂාව සඳහා කඩිනමින් තමන්ට හිමි කෝවිඩ් මර්දන එන්නතෙහි බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සතිශ්චන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ලේ කැටි ගැසීම, හෘදයාබාධ, ආඝාතය වැනි තත්වයන් කෝවිඩි ආසාදිතවීම තුළ හට ගන්නා නමුත් කෝවිඩ් මර්දන ෆයිසර් එන්නත හරහා එම තත්වයන් හට ගැනීම ඉතා අවම මට්ටමක පවතින බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *