ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො. මි. 786ක ආධාරයක් ලංකාවට

මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන්‍ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි උප සභාපති ෂික්සිත්චෙන් මහතා, (10)වන දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව දැන්වීය.

ආසියානුසංවර්ධන බැංකුවේ සහාය ඇතිව දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සාර්ථකත්වය ෂික්සිත්චෙන් මහතා ඇගයීමට ලක් කෙරිණ. රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව ෂික්සිත්චෙන් මහතා සඳහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකුව මෙම වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 786ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර තිබේ. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 27කි.

ආසියානුසංවර්ධන බැංකුවෙහි වාර්ෂික සම්මේලනය රටවල් 68ක නියෝජනයෙන් ලබන මැයි මස 02 සිට 05 දක්වා ශ්‍රී ලංකාවේ දීපැවැත්වීමට තීරණය කර ඇති අතරම, දේශීය සහ විදේශීය නියෝජිතයන් 5,000ක පමණ පිරිසක් ඊට සහභාගීවෙතැයි අපේක්ෂා කෙරේ. සමුළුව “පශ්චාත්කොවිඩ් – 19 ලෝකය සඳහා කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක්” යන තේමාව ඔස්සේ පැවැත්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *