කුලී නිවෙස්වල ජීවත්වන අඩු ආදායම්ලාභීන්ට ‘සොඳුරු මහල් නිවාස‘ ක්‍රමයක්

නිවසක් ඉදිකරගැනීමට අපහසුවීම හේතුවෙන් දැනට කුලී නිවෙස්වල ජීවත්වන අඩු ආදායම්ලාභීන්ට හා මධ්‍යම පාන්තික පවුල්වලට දැරිය හැකි මිලකට ස්ථිර නිවාස ලබාදීමේ අරමුණින් ‘සොඳුරු මහල් නිවාස’ නමින් නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, (11)වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් පැවසීය.

මෙම වැඩසටහන යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන්ට මූලික ගෙවීම ලෙස රුපියල් ලක්‍ෂ 5 ක මුදලක් ගෙවා නිවසක් ලබාගෙන නිවසෙහි ඉතිරි වටිනාකම වසරක් තුළ වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ලැබෙන අතර ඔවුන්ට අවශ්‍ය නම් බැංකු ණයක් ලබා ගැනීමට ද අවස්ථාව සලසා ඇතැයි ඇමතිවරයා කීවේය.

එහි පළමු ව්‍යාපෘතිය ලෙස රන්පොකුණුගම පිහිටි නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩමක නිවාස 72කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය.

නිවසක් හෝ නිවසක් ඉදිකරගැනීමට ඉඩමක් නොමැතිවීම හේතුවෙන් කුලී නිවාසවල පදිංචි සැබෑ නිවාස අවශ්‍යතාවයක් ඇති අයට මෙම වැඩසටහන යටතේ නිවාස ලබාගත හැක.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *