පාස්කු ප්‍රහාරය ජනාධිපතිවරණයේ ඡන්ද ගන්න කරපු වැඩක් – කාදිනල් හිමි

Sri Lankan Catholic Archbishop of Colombo, Malcolm Ranjith, gestures as he speaks during a press conference in Colombo on April 30, 2019. - Sri Lanka's Catholic Church said public masses will resume May 5 under tight security, two weeks after Easter bombings claimed by the Islamic State group killed 253 people at three churches and three luxury hotels. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP) (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

ජනතා ඡන්දය ලබා ගැනීම ඉලක්ක කරගනිමින් පාස්කු ප්‍රහාර සිදුවීමට ඉඩ හැරියේද යන්න ගැන සැකයක් පවතින බව කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු තුමා, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහරයේ විමර්ශනවල වත්මන් තත්වය පිළිබඳව යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දී ප්‍රකාශ කර සිටියේය.

මෙහි මතුපිටින් පෙන්වන්න හදනවාට වඩා කුමන්ත්‍රණයක් වී ඇති බවත් රටේ පාලකයන් පාලන එය යටගැසීමට උත්සාහ කරන බවත් අගරදගුරුතමන් පවසයි. එම කුමන්ත්‍රණකරුවන් පිළිබඳව විමර්ශනය කර ඒවා එළියට ගැනීමට ආණ්ඩුව කිසිඳු උත්සාහ නොගන්නා බවද පවසයි. එසේම දේශපාලනඥයින් රටේ නීතියේ ආධිපත්‍යය විනාශ කර ඇතැයි පවසන කාදිනල්තුමන් මේ ක්‍රමය තුළ කිසිම පුද්ගලයකුට තමන් ආරක්‍ෂිතයි කියා හෝ යුක්තිය ඉටුවෙයි කියා සිතිය නොහැකි බව ද පවසයි.

නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිතුමාව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඔහු සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගෙන තිබියදී බව කී කාදිනල්තුමන් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රට තුළ බියක්, අවිනිශ්චිතතාවයක් හා කැළඹිලි ස්වභාවයක් ඇතිකිරීමේ අරමුණින් ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේදැයි සොයා බලන ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේත් නිර්දේශ කර ඇතැයි එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *