කොළඹ සිට කන්කසන්තුරය දක්වා සුබෝපභෝගී දුම්රිය සේවාවක්

කොළඹ සිට කන්කසන්තුරය දක්වා සුබෝපභෝගී දුම්රිය සේවාවක්

කොළඹ සිට කන්කසන්තුරය දක්වා සුබෝපභෝගී දුම්රිය සේවාවක්

කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන්ට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් (09) සිට ආරම්භ කෙරෙණි.

මෙම දුම්රිය සෑම දිනකම ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.10ට ආරම්භ කොට දහවල් 12.17 වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත් එදිනම ප.ව. 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට රාත්‍රී 8.25 වන විට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය වීමට නියමිතය.

නවීන තාක්ෂණයෙන් යුත් ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රියේ මැදිරි 10ක් සහ බලවේග එන්ජින් 02ක් ඇති අතර සියලුම මැදිරි වායු සමනය කර ඇත. එමෙන්ම මගී ජනතාවට අවශ්‍ය සුව පහසු ආසන, ආහාර පාන ලබාගැනීමට භෝජනාගාර රථයක්, රූපවාහිනී සේවා පහසුකම්, නවීන වැසිකිලි පහසුකම් වලින් මෙම දුම්රිය සමන්විත වේ.

මෙම දුම්රිය ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය,කොටුව,පොල්ගහවෙල, කුරුණෑගල, අනුරාධපුරය, වව්නියාව, කිලිනෝච්චිය, කොඩිකාමම්, යාපනය, කොණ්ඩාවිල්, චුන්නාකම් සහ කන්කසන්තුරය යන දුම්රිය ස්ථානවල නවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *