2022දී ලංකාවට පය තබන පළමු රාජ්‍ය තාන්ත්‍රික – චීන විදෙස් ඇමති

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස චීන විදේශ අමාත්‍ය වැංග්යී මහතා (08)වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා – චීන සබඳතාවලට වසර 65ක් පිරීමට සමගාමිව චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය අරඹයි.
සිය දෙදින නිල සංචාරයේදී ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඇතුළු මෙරට ඉහළ පෙළේ පිරිසක් හමුවීමට නියමිතව තිබේ.

චීන විදේශ අමාත්‍යවරයා 2022 වසරේ ආරම්භ කර ඇති පළමු නිල විදෙස්සංචාරයේ අවසන් නැවතුම වන්නේ ද ශ්‍රී ලංකාව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *