ස්වේදේශික දරුවන්ගේ සුබසිද්ධිය සදහා කැනඩා රජයෙන් ඩොලර් බිලියන 31.5ක්

ස්වේදේශික දරුවන්ගේ සුබසිද්ධිය සදහා කැනඩා රජයෙන් ඩොලර් බිලියන 31.5ක්

ස්වේදේශික දරුවන්ගේ සුබසිද්ධිය සදහා කැනඩා රජයෙන් ඩොලර් බිලියන 31.5ක්

කැනඩාව තුළ පීඩාවට පත්ව ඇති ස්වදේශික දරුවන් වෙනුවෙන් වන්දි ගෙවීමට සහ ඉදිරියේදී එම ස්වදේශික දරුවන්ගේ සුබසිද්ධිය සදහා එක්සත් ජනපද ඩොලර් බිලියන 31.5ක මුදලක් වෙන් කිරීමට කැනඩා රජය තීරණය කර ඇතැයි පවසයි.

දැනට දශක තුනකට පමණ පෙරාතුව කැනඩාවේ පැවැති මිනාරී ආගම්ක මධ්‍යස්ථාන වෙත එම පවුල්වලින් වෙන් කරමින් බලයෙන් කැදවාගෙන ආවදේශික දරුවන්ට සිදුව ඇති දරුණු අඩත්තේට්ටම් පිළිබඳව පසුගිය කාලසීමාවේදි සිදුවුණු අනාවරයද සමග මෙම තීරණය ගෙන තිබේ. මෙලස පීඩාවට පත්කෙරුණු

ස්වදේශික දරුවන් දහස් ගණනින් වළදැමූ සුසාන භූමි කැනඩාවේ ස්ථාන කිහිපයකම පිහිටි මිෂනාරී පාසල් අසල භූමි භාගයන්හිදී හමුවී තිබේ. 2015 වසරේදී නිකුත්වූ වාර්තාවකට අනුව පසුගිය දශක තුනක කාලයක් පුරා ස්වදේශික දරුවන් 150,000ක පමණ පිරිසක් ඔවුන්ගේ පවුල්වලින් ඉවත්කර මිෂනාරී ඉගැන්වීම් සිදුකරන පාසල් වෙත බලහත්කාරයෙන් ඇතුළු කිරීම සිදුව තිබේ. එහිදී එම දරුවන්ගෙන් බහුතරයක් දෙනා මන්දපෝෂණය, රෝග හෝ අත්හැර දැමීම් ඇතුළු වෙනත් හේතු මත මරණයට පත්වූ බව සඳහන්වෙයි. එසේම මෙය ‘සංස්කෘතික සමූල ඝාතනයක්” ලෙසින්ද හඳුන්වා දී තිබුණි. එසේම තවත් බොහෝ පිරිසක් කායිකව මෙන්ම ලිංගිකවද අඩන්තේට්ටම්වලට ලක්ව තිබේ.

ඒඅනුව මෙලෙස අතීතයේදී පීඩාවට පත්වූ ස්වදේශික දරුවන් වෙනුවෙන් ඩොලර් බිලියන 15.7ක්ද, ඉදිරියේදි එම දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ඩොලර් බිලියන 15.7ක මුදලක්ද මෙලෙස වෙන්කර තිබෙන බව සදහන් වෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ස්වදේශීක සබඳතා පිළිබද අමාත්‍ය මාර්ක් මිලර්, ” කැනේඩියානු ඉතිහාසය තුළ ලබාදුන් විශාලතම බේරුම් කිරිම මෙයයි.” යනුවෙන් පවසා තිබේ.මෙහිදී කැනඩාවේ ක්‍රියාත්මක විශාලතම ස්වදේශික සංවිධාන ඇතුළු කණ්ඩායම්වල සම්බන්ධීකරණය සහ උපදෙස් ලබාදීම් හරහා රැස් කරගන්නා තොරතුරු අන මෙම වන්දි මුදල් ලබාදීම තනි තනි. පුද්ගලයන් වෙත ලබාදීම සිදුකරන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *