සාගතයකට ඉඩ දී ජනතාව නොමරා මරන ආණ්ඩුවක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සාගතයකට ඉඩ දී ජනතාව නොමරා මරන ආණ්ඩුවක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සාගතයකට ඉඩ දී ජනතාව නොමරා මරන ආණ්ඩුවක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සාගතයකට ඉඩ දී ජනතාව නොමරා මරන මේ ආණ්ඩුව ‘ජන ඝාතක’ ආණ්ඩුවක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි.

ආණ්ඩුවක් පත්වන්නේ ජනතාව ආරක්ෂා කිරීමට බවත් ජනතාවගේ වේදනාව මේ ආණ්ඩුව මායිම් නොකරන බවත් විපක්ෂ නායකවරයා ඊයේ (02දා) පැවැසීය.

වෑල් මාරු වීමක් නිසා ගෑස් ප්‍රශ්නය තව සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයන් පවසන අතර ඇත්ත වශයෙන්ම මාරු වී ඇත්තේ ගෑස් වෑල් නොව “ආණ්ඩුවේ වෑල්” බවද ඔහු කීය.

සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. මරික්කාර්ගේ කොළොන්නාව ආසනයට ඡන්ද පොළ නායක නායිකාවන් පත්කිරීමේ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවැසීය.

ගෑස් ඛේදවාචකය ආරම්භ වූ දිනයේ සිට මේ පිළිබඳව සියලු තොරතුරු විපක්ෂය ලෙස සමගි ජන බලවේගය රටට හෙළිදරව් කළ අතර අදාළ විෂයභාර ඇමැතිවරුන් දෙපළ ඇතුළු මුළු ආණ්ඩුවම ඒ පිළිබඳව උත්තර නොදී පලා ගිය බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ගෙවල් පුපුරන, කුස්සි ගිනිගන්න, ජීවිත අහිමි වන බරපතළ ඛේදවාචක නිර්මාතෘවරුන් දෙදෙනා වන්නේ විෂයභාර ඇමැතිවරුන් බවත්, එදා ඔවුන් දෙදෙනා බොරු කී බවත්, අද ඔවුන් දෙදෙනා වෙනුවෙන් ගෑස් සමාගමේ සභාපතිවරයා බොරු කියන්නට ඉදිරිපත් වී ඇති බවත් ඔහු පැවැසීය.

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් හරහා මළමිනී මතින් බලයට පැමිණි මේ ආණ්ඩුව කිසි විටෙකත් ජනතාවගේ ප්‍රශ්න අබියස සංවේදී වූයේ නැතැයි ද විපක්ෂ නායකවරයා කීය.

ජනතාවට දරාගන්නට බැරි පීඩනය අබියස රට කරවන ඇත්තන්ට එරෙහිව ජනතාව තමන්ගේ කෝපය ප්‍රකාශ කරන්නේ හූ කියමින් බවත්, ලැජ්ජාවට කරුණ වන්නේ ආණ්ඩුව ඔවුන් පසුපස හඹා ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්නට තරම් පහත් මට්ටමකට වැටීම බවත් ඔහු පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *