ආර්ථික හා දේශපාලන අර්බුදයට විසදුම් සෙවීම සදහා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – ලක්ෂ්මන් කිරිඇල්ල

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ආධාර ලැබෙන්නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ආධාර ලැබෙන්නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල

රට පත්ව ඇති ආර්ථික හා දේශපාලන අර්බුදයට විසදුම් සෙවීම සදහා වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.

රටේ ප්‍රශ්ණ දවසින් දවස වැඩිවෙමින් තිබියදී පාර්ලිමේන්තුව වසා දැමීම වෙනුවට පාර්ලිමේන්තුවේ වාර ගාන වැඩි කර විසදුම් සෙවීමට රජය කටයුතු කළ යුතුව ඇතැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව වාර අවසාන කර රටේ ප්‍රශ්ණ ජනතාවගෙන් වසන් කළ නොහැකි බවත් මේ සතිය තුළ වහාම පාර්ලිමේන්තුව කැඳවා ජනතා ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු පැවසීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *