වසර 12ක කාලයක් ගිලන් ඇඳක සිටින තරුණියක් නවකතාවක් ලියා, විකුණා රෝහලට වෙන්ටිලේටරයක් පරිත්‍යාග කරයි

සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ගිලන් ඇඳක ජීවත්වෙමින් සිටින තරුණියක් නවකතාවක් ලියා පළකර ඇත්නම් එය ධෛර්යවන්ත ක්‍රියාවක්. එම සුවිශේෂී දස්කම සිදු කර ඇත්තේ කැස්බෑව, මාකන්ද ප්‍රදේශයේ ජීවත්වන පවනි මධුභාශිනී යන තරුනියයි.

ඇය තමන් විසින්ම රචිත නවකතාවක් එළිදක්වා එයින් ලද ආදායමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන මිනිසුන්
වෙනුවෙන් උදව් උපකාර කර තිබුණා.

25 වැනි වියේ පසුවන ඇය වස 13ක සිට ගිලන්ව ඇඳක් මත සිය දිවිය ගෙවන්නේ වන්නේ ශ්වසන යන්ත්‍රයක් ආධාරයෙන්. ක්‍රමක්‍රමයෙන් දුර්වල වූ පවනිට තම රෝගී තත්ත්වයත් සමග අධ්‍යාපනය ද මගහැරී ගොස්තිබුණා.

නමුත්, ඇය අතිශය ආදරය කළ ලේඛන කලාව සියලු බාධක මැද අඛන්ඩව කරගෙන ගොස්ඇත්තේ අප සියලුදෙනාට සිතීමට යමක් ඉතිරි කරමින්.

ඒ අනුව තම සිහිනයක් වූ තමන්ගේම පොතක් ලියන්නට ඇයට පසුගියදා හැකිවුණා.

ඒ “රුවල් නැවේ සතුට බිඳුණු චාරිකාව” නමැති නවකතාවය. ඇය මෙම කතා පොත නිර්මාණය කළේද තමන් වගේම ස්වසන අපහසුතා ඇති තවත් රෝගීන් වෙනුවෙනි.

පොත අලෙවියෙන් ලද මුදල සහ තවත් පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතුකරගනිමින් රුපියල් ලක්ශ 12ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් නිකවැරටිය මූලික රෝහලට පරිත්‍යාග කර තිබුණා.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *