ජනවාරි මස 05 වනදා සිට බස් ගාස්තු 17% කින් ඉහළට; අවම ගාස්තුව රුපියල් 17 දක්වා

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ගාස්තු වැඩිවීමක් නැහැ

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ගාස්තු වැඩිවීමක් නැහැ

ලබන ජනවාරි මස 05 වනදා සිට බස් ගාස්තු සියයට 17 කින් පමණ ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ප්‍රවාහන අමාත්‍යංශය හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් නියෝජිතයින් අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ (29) පැවති සාකච්ඡාවකදීයි. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 14 සිට රුපියල් 17 දක්වා රුපියල් 03 කින් ඉහළ යන බවයි එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ.

එක් එක් මාර්ගවලට අදාළ නව ගාස්තු ලැයිස්තුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් සකස් කර ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම එහිදී කියා සිටියා.

බස් ගාස්තු වැඩි කිරීමට එකගතාව පළ කළේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති ආසන ගණනට මගීන් රැගෙන යාමේ සීමාවන්ට යටත්ව බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමෙන් මගීන්ට සුරක්ෂිත සේවාවක් ලබාදීමට බස් සංගම්ද සහයෝගය ලබාදිය යුතු බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *