සැහැල්ලු ගුවන් යානයක් කිඹුලාපිටියට වැටෙයි; සමාගමේ ගුවන් මෙහෙයුම් නවතයි

සැහැල්ලු ගුවන් යානයක් කිඹුලාපිටියට වැටෙයි; සමාගමේ ගුවන් මෙහෙයුම් නවතයි

සැහැල්ලු ගුවන් යානයක් කිඹුලාපිටියට වැටෙයි; සමාගමේ ගුවන් මෙහෙයුම් නවතයි

දඹුල්ලේ සිට කොග්ගල දක්වා පියාසර කළ සකුරායි පෞද්ගලික ගුවන් සමාගමට අයතු සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඇද වැටෙන්නට පෙර (27) දහවල් මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩ බස්වා තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බෑමට මුලින් උත්සාහ කර තිබූ කමුත් බැරිව යාමේදී එය කිඹුලාපිටිය දාගොන්න පත්තෑයන්වත්ත පෙදෙසට ගොඩ බෑමට නියමුවන් උත්සහ කර ඇති අතර එය කොන්ක්‍රිට් මාර්ගය ගැටී නතර වී ඇත. යානයේ ඉදිරි පෙදෙසට දැඩි හානි සිදුව තිබේ. මධුසමය ගත කිරීමට ලෙබනනයේ සිට ආ යුවළක් රැගත් මෙම ගුවන් යානය සීගිරියට ගොස් නැවත කොග්ගලට යමින් සිටියදි සිදු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ බේරාගෙන ඇත. නියමුවන් දෙදෙනා සමග නව යුවළ තුවාල ලබා ඇති අතර ඔවුන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේ නියමුවන් දෙදෙනා සහ ලෙබනන් යුවළ පමණී.

කටුනායක ගුවන් හමුදා කඳවුරට අදාළ සිද්ධිය පිලිබඳව වාර්තා වූ සැණින් ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ ගිනි නිවීමේ භටයින් ස්ථානයට වහාම යොමු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.අදාළ ගුවන් යානය පසුගිය 22 වැනිදා කළුතර – පයාගල වෙරළ තීරයට හදිසි ගොඩබෑමක් සිදු කළ “සකුරායි ගුවන් සමාගමට ම අයත් “සෙස්නා 172” (SESNA -172) වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් බවත් මෙම යානාවේ එන්ජිමේ හටගත් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදු කර ඇති බවත් කියැවිණි.

මෙම සිදුවීමෙන් පසුව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සීමාසහිත සකුරායි සමාගමේ සියලුම ගුවන් යානා මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය.

මෙම පෞද්ගලික ගුවන් සේවාවට අයත් සැහැල්ලු ගුවන් යානා දෙකක් සතියකට අඩු කාලයක් ඇතුලත එංජිමේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑම් සිදු කිරීම මීට බලපා ඇත. පළමුවැන්න වන්නේ පසුගිය 22දා කළුතර පයාගල ප්‍රදේශයේ වෙරළ තීරයට සිදු කළ හදිසි ගොඩබෑමයි. පුහුණු වන ගුවන් නියමුවන් දෙදෙනෙකු විසින් පැදවූ එම සැහැල්ලු ගුවන් යානය දෙවුන්දර දක්වා පියාසර කරමින් සිටියදී මෙලෙස හදිසි ගොඩබෑමකට ලක්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *