මඩකලපුව මුහුදේ සතියකට අධික කාලයක් නැංගුරම්ලා තිබූ ටග් යාත්‍රාව පිළිබඳ නාවික හමුදාවෙන් නිවේදනයක්

බටහිර මුහුදේ අයිස් සහ හෙරොයින් Kg 700ක් ප්‍රවාහනය කළ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
මඩකලපුව මුහුදු තීරයට ආසන්නයේ සතියකට අධික කාලයක් නැංගුරම්ලා තිබූ ටග් යාත්‍රාව සම්බන්ධයෙන් නාවික හමුදාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ ස්ථානයේ නීති විරෝධී වැලි කැණීමක් සිදුවන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වූ පුවත අසත්‍ය බවයි නාවික හමුදාව පවසන්නේ.
අදාළ ස්ථානයේ නවතා තිබූ ටග් යාත්‍රාව සහ බත්තල, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බංග්ලාදේශයේ චිටගොන් වරාය දක්වා හුණු ගල් ප්‍රවාහනය කර තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.
එම ටග් යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන ඇතුලු අනෙකුත් සැපයුම් ලබාගැනීම සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණීමට නියමිතව තිබුණා.
එහෙත් මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් එම ටග් යාත්‍රාව සහ බත්තල මඩකලපුව මුහුදු ප්‍රදේශයට ආසන්නව දෙසැම්බර් මස 15 වන දින සිට ආරක්ෂිතව නැංගුරම්ලා තිබූ බවයි ශ්‍රී නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.