ආර්ථික අපහසුතා නිසා රටපුරා ජනතාව kg600 ස්වර්ණාභරණ උකස්කරලා; අලුතින් මිලදී ගැනීම 80% බැහලා

2022 මුල් මාස 10ක කාලයේ රු. කෝටි 19,300ක ආභරණ උකස් කරලා; 70%ට ආසන්න ප්‍රමාණයක් සින්න වෙලා

2022 මුල් මාස 10ක කාලයේ රු. කෝටි 19,300ක ආභරණ උකස් කරලා; 70%ට ආසන්න ප්‍රමාණයක් සින්න වෙලා

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ඇතිවූ ආර්ථික උද්ධමනය නිසා රටපුරා ජනතාව සිය ස්වර්ණාභරණ පසුගිය මාස කිහිපයේදී පමණක් දළ වශයෙන් කිලෝ 600 ආසන්න ප්‍රමාණයක් උකස්කර සහ විකුණා ඇතැයි ස්වර්ණාභරණ වෙළඳාම්හි යෙදෙන ව්‍යාපාරිකයෝ සහ බැංකු ප්‍රධානීහු පිරිසක් පැවැසූහ.

කොවිඩ් වසංගතය සමග ඇතිවූ ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන අලුතින් ස්වර්ණාභරණ මිලදී ගැනීම සියයට අසූවකින් පමණ පහත බැස ඇතැයි කොළඹ හෙට්ටිවීදිය සහ ග්‍රෑන්පාස් ප්‍රදේශවල ස්වර්ණාභරණ වෙළෙඳසල් කිහිපයක හිමිකරුවෝ අප කළ විමසුමකදී කීහ.

ජනතාව මේ දිනවල වැඩි වශයෙන් පැමිණෙන්නේ ස්වර්ණාභරණ උකස් කිරීමට හා විකිණීමට බව පවසන එම ව්‍යාපාරිකයෝ මේ තත්වය නිසා තමන්ගේ ආදායම සැලකිය යුතු ලෙස පහත බැස ඇතැයිද ප්‍රකාශ කළහ.

ආර්ථික ප්‍රශ්න නිසා අද වැඩිදෙනකු රත්රන් ආලේපිත ස්වර්ණාභරණ පාවිච්චියට පෙළඹී සිටින බවත් මේ හේතුව නිසාද තමන්ගේ ආදායම පහත බැස ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

බැංකුවල ආරක්ෂිත සේප්පු වල තැන්පත් කර තිබූ ස්වර්ණාභරණ ජනතාව විශාල වශයෙන් යළි රැගෙන යෑමටද පෙළඹී සිටින බව බැංකු කීපයක නිලධාරීහු අප සමග පැවසූහ.

මේ අතර ස්වර්ණාභරණ සාප්පු සහ ජනතාවගේ කන කර ආභරණ කොල්ල කෑමේ සිද්ධීන්ද මෑත භාගයේදී සැලකිය යුතු ලෙස වැඩිවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *