කවුරු යෝජනා ඉදිරිපත් කළත් ණය ලබා ගැනීම සඳහා මූල්‍ය අරමුදලට යන්නේ නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

කවුරු යෝජනා ඉදිරිපත් කළත් ණය ලබා ගැනීම සඳහා මූල්‍ය අරමුදලට යන්නේ නැහැ - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

කවුරු යෝජනා ඉදිරිපත් කළත් ණය ලබා ගැනීම සඳහා මූල්‍ය අරමුදලට යන්නේ නැහැ - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

කවුරු කුමන යෝජනා ඉදිරිපත් කළත් ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

මේ මොහොතේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ලොකු අවදානමක් බවත් රටේ ආර්ථික ප්‍රශ්නය මූල්‍ය අරමුදලට නොගොස් කළමනාකරණය කරගත හැකි බවත් හෙතෙම සඳහන් කළේ‍ය.

ණය වෙනස් විදියට කළමනාකරණය කරගත හොත් ප්‍රශ්නයක් ඇති නොවනු ඇතැයිද ඔහු පැවසුවේය.

කොන්දේසිවලට යටත්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම තේරුමක් නැති වැඩක් බව පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය පමණින් මේ රටට ආයෝජකයන් හෝ සංචාරකයන් නොපැමිණෙන බවද ප්‍රකාශ කළේය.

ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ මොහොතේ දී ගියහොත් ඔවුන් අනිවාර්යෙන්ම පොලී අනුපාතය වැඩි කරන ලෙසටත් රුපියල් පාවෙන්න ඉඩ හරින ලෙසටත් රටේ සම්පත් විකුණන ලෙසටත් විශ්‍රාම වැටුප් කප්පාදු කරන ලෙසටත් විවිධ කොන්දේසි ඉදිරිපත් කරනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා කිවේය.

මේ අතර පවතින ප්‍රශ්න හමුවේ තමාට ආතතියක් ඇති බව පැවසූ කබ්රාල් මහතා තමා ඒ ආතතිය සතුටු සිතින් දරා ගන්නා බවද ප්‍රකාශ කළේය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *