මොරටුව සරසවියට ගුවන් හමුදාවෙන් මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක්

මොරටුව සරසවියට ගුවන් හමුදාවෙන් මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක්

මොරටුව සරසවියට ගුවන් හමුදාවෙන් මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක්

ශ්‍රි ලංකා ගුවන් හමුදාව භාවිතයෙන් ඉවත් කළ මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් මොරටුව සරසවියට පරිත්‍යාගය කළ බව මොරටුව විශ්ව විද්‍යාලයේ උප උපකුලපති මහාමහාචාර්ය නෙරන්ජන්. ඩී ගුණවර්ධන මහතා පැවසීය.

මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අංශයේ සිසුනට ගුවන් යානා පිළිබඳව පාඨමාලාවන්හි ප්‍රායෝගික දැනුම ලබාගැනීම සඳහා මෙම ගුවන් යානාව වඩා ප්‍රයෝජනවත් වන බවද ඒ මහතා පැවැසීය.

මොරටුව විශ්ව විද්විද්‍යාලයේ යාන්ත්‍රි ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය ගුවන් හමුදාවට කළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදුකළ උපකුලපතිවරයා පැවසීය.

සිසුන් 400ක් පමණ යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යා අංශයේ අධ්‍යාපනය ලබයි. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා මොරටුව උප උපකුලපති මහාමහාචාර්ය නෙරන්ජන්. ඩී ගුණවර්ධන මහතාට නිල වශයෙන් එම ගුවන් යානය බාර දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *