තුර්කිය සිය අලුත්ම සන්නිවේදන චන්ද්‍රිකාව Turksat5B අභ්‍යාවකාශගත කරයි

තුර්කිය සිය අලුත්ම සන්නිවේදන චන්ද්‍රිකාව Turksat5B අභ්‍යාවකාශගත කරයි

තුර්කිය සිය අලුත්ම සන්නිවේදන චන්ද්‍රිකාව Turksat5B අභ්‍යාවකාශගත කරයි

තුර්කිය සිය අලුත්ම සන්නිවේදන චන්ද්‍රිකාව වන Turksat5B චන්ද්‍රිකාව පසුගියදා සාර්ථක ලෙස කක්ෂගත කළ බව පවසයි. තුර්කියේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් අමාත්‍ය අඩිල් කාරායිස්මයිලොග්ලු විසින් පසුගියදා එරට අන්කාරා අගනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කර තිබේ. එක්සත් ජනපදයේ ස්පේස් එක්සේ සමාගමේ Falcon 9 රොකට්ටුව ආධාරයෙන් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කෙරී ඇත. එහිදී එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි කේප් කැනවරල් තුඩුවේ පිහිට් අභ්‍යවකාශ යානා කක්ෂගත කිරීම් මධ්‍යස්ථානයේ සිට මෙම රොකට්ටුව අභ්‍යාවකාශගත කිරීම සිදුකර ඇත.

මෙම Turksat5B චන්ද්‍රිකාව ඉදිරි වසර 35ක කාලයක් පුරා ක්‍රියාත්මක කරවීම තුර්කියේ අරමුණ වී තිබේ. මෙහිදී එය සන්ධිවේදන අවශ්‍යතාවන් පමණක් නොව සාගරික සහ ගුවන් සේවා යන වාණිජ කටයුතු වෙනුවද සේවා සැපයීමට යොදාගන්නා බව තුර්කි බලධාරින් පවසයි. ඔවුක්සදහන් කරන ආකාරයට මෙම Turksat5B චන්ද්‍රිකාව ප්‍රංශයේ එයාර්බස් සමාගම් නිෂ්පාදනයකි. පසුව එය එක්සත් ජනපදය වෙත ප්‍රවාහනය කර තිබේ. වීශේෂයෙන්ම තුර්කියේ දේශීය කර්මාන්ත වෙත සහාය ලබාදීම වෙනුවෙන් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කර ඇත. එහිදී සෑම දින 164කට වරක්ම එය පෘථිවිය වටා කක්ෂගතවන බව තුර්කිය පවසයි. එසේම මෙම චන්ද්‍රිකාව තුර්කිය එතෙක් මෙතෙක් කක්ෂගත කර ඇති වඩාත් බලගතුම චන්ද්‍රිකාවද වෙයි. ඒ හරහා තුර්කි පමණක් නොවන අප්‍රිකාව, ආසියාව සහ යුරෝපයේද රටවල් කිහිපයකම බෝඩිබෑන්ඩ් දත්ත ධාරිතාව ඉහළ නංවනු ඇතැයිද සදහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් එර්ඩොගාන්, මෙම චන්ද්‍රිකාව හරහා රටෙහි සන්නිවේදන ධාරිතාව 15 ගුණයකින් ඉහළ යන බව පවසා තිබේ. එසේම මෙම චන්ද්‍රිකාව මගින් සිය ආවරණ කලාපය තවත් පුළුල් කිරීමටද දායක වන බවත් ඔහු සදහන් කර ඇත. මෙම Turksat5B චන්ද්‍රිකා කගත කිරිම සදහා ලබාදුන් සහාය සම්බන්ධයෙන්ද තුර්කි ජනපතිවරයා ස්පෙස් එක්ස් සමාගමේ හිමිකුරු එලෝන් මස්ක් වෙත සිය ස්තූතිය පුද කර තිබේ.මේ අතර තුර්කිය එරට තුළ නිපදවූ 6A නම් චන්ද්‍රිකාව 2023වසරේදී පෘථිවි කක්ෂිය වෙත යැවීමටත් සූදානමින් සිටින බව එරට බලධාරීන් පවසා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *