ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වසරේ තුන්වැනි කර්තුවේදී සෘණ අගයට

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වසරේ තුන්වැනි කර්තුවේදී සෘණ අගයට

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වසරේ තුන්වැනි කර්තුවේදී සෘණ අගයට

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වසරේ තුන්වැනි කර්තුවේදී සෘණ සියයට 1.5ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර ඇත්තේ 2021 වසරේ තෙවැනි කාර්තුවට අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු නිවේදනය කරමිනි.

2021 වසරේ තුන්වැනි කර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිල්යන 2,497,489 දක්වා පහළ ගොස් ඇති අතර එය 2020 වසර් තුන්වැනි කර්තුවේදී රුපියල් මිලියන 2,536,490 ලෙස වාර්ති වී තිබූ බවද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපර්තමේන්තුව සඳහන් කරයි.

ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය ලබාදෙන ප්‍රධාන සංරචකව කෘෂ්කර්මය, කර්මාන්ත, සහ සේවා යන අංශ පවත්නා මිල ගණන් යටතේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙළින් සියයට 8.7ක්, සියයට 29.9ක් සහ සියයට 57.4ක් ලෙස සටහන්ව ඇතැයි ද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. “භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩු කළ බදු” සංරචකය 2021 තුන්වැනි කර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයට සියයට 4.1ක දායකත්වයක් ලබාදී ඇතැයි ද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම 2021 වසරේ තුන්වැනි කර්තුවේදී සමස්ථයක් ලෙස කෘෂිකර්මික කටයුතු සියයට 1.7ක මන්දගාමී වර්ධනයක් වාර්තා කර තිබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කර්තුවේදී සමස්ත කර්මාන්ත ආර්ථික කටයුතු සියයට 2.1ක පසු බෑමක් වාර්තා කර තිබේ.සමස්ත සේවා අංශයේ වර්ධනය ද මෙම කාර්තුවේදී සියයට 1.6කින් පහත වැටී ඇති බවද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්නා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *