මාස 8ක් ඇතුලත ට්‍රිලියන 2ක ණය අරගෙන

චීනය එක වෙඩිල්ලක්වත් පත්තු නොකර රටවල් යටත් කරගන්නා අයුරු පැහැදිලි කරන මාලදිවයිනේ හිටපු ජනපති
මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8ක් තුළ ශුද්ධ ණය ගැනීම රුපියල් කෝටි 210,285ක් ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන මාසික ආර්ථික දර්ශක නම් නිල ලේඛණයේ දැක්වේ.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වන විට රජයේ සමස්ත නොපියවූ ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,511,725ක් (රුපියල් ට්‍රිලියන 15.117) වී තිබිණි. පසුගිය අගෝස්තු මස අවසන්වන විට එය රුපියල් කෝටි 1,722,010 ක් (රුපියල් ට්‍රිලියන 17.220) දක්වා ඉහල ගොස් තිබේ.
මෙම ණය ඉහල යාම තුළ විදේශ ණය ප්‍රමාණය ද විශාල වශයෙන් ඉහල ගොස් ඇති බව එම වාර්තාවෙන් දැක්වේ. පසුගිය වසර අවසන් වන විට සමස්ත විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 605,218ක් (රුපියල් ට්‍රිලියන 6.052) වී තිබූ අතර එය මාස 8කදී රුපියල් කෝටි 675,356ක් (රුපියල් ට්‍රිලියන 6.753) දක්වා ඉහල ගොස් තිබේ. මේ අනුව රුපියල් කෝටි 70,138ක් විදේශීය ශුද්ධ ණය ලෙස එකතුවී ඇත.