මහ බැංකු තීරණයකට එරෙහිව නීතීඥ සංගමයෙන් රිට් පෙත්සමක්

ජනපති සමාව සම්බන්ධයෙන් නීතීඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
ශ්‍රී ලාංකිකයන් සතුව ඇති අමරිකානු ඩොලර් ඇතුලු විදෙස් මුදල් රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාලව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයකට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥය සංගමය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කර තිබෙනවා.
පෙත්සම ගොණු කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥය සංගමයේ සභාපති ජනාධිපති නීතිඥය සාලිය පීරිස් හා සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥය අනුර මැද්දෙගොඩ යන මහත්වරුන් විසින්.
පෙත්සමේ වග උත්තකරුකරුවන් ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලය නම් කර තිබෙනවා.