ඩොලර් බිලියනයකට අධික ආදායමක් උපයා ගැනීමට රජය සතු ඉඩම් විදේශීය ආයෝජකයන්ට

ඩොලර් බිලියනයකට අධික ආදායමක් උපයා ගැනීමට රජය සතු ඉඩම් විදේශීය ආයෝජකයන්ට

ඩොලර් බිලියනයකට අධික ආදායමක් උපයා ගැනීමට රජය සතු ඉඩම් විදේශීය ආයෝජකයන්ට

කොළඹ දිස්ත්‍රික්කයේ රජය සතු ඉතාමත් වටිනා ඉඩම් කොටස් දෙකක් විදේශීය ආයෝජකයන් දෙදෙනෙකුට වහ බදුදීමට හා ඒ හරහා ඩොලර් බිලියනයකට අධික ආදායමක් උපයා ගැනීමට අදාළ ගනුදෙනු දෙකක් අවසන්ව ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීයෙකු ‘සන්ඩේ ටයිම්ස්” පුවත්පතට පවසා තිබේ. නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යානාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ආයෝජකයෙකු වෙත දෙමටගොඩ ප්‍රදේශයේ අක්කර පහක ඉඩමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට බදු දීමට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇතී බවයි. එහි පෞද්ගලික රෝහල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එසේම චීනයේ හා ඩුබායි ඒකාබද්ධ ආයෝජනයක් ලෙස කොළඹ කැපෙට්පොළ මාවත් සමිට් ෆ්ලැට්හි නිවාස ව්‍යාපෘතියක් වෙනුවන් අක්කර 10ක් බදු දීමට නියමිත අතර, ඒ හරහා අපේක්ෂා කරන ආදායම ඇමරිකානු Gඩාල විලයන 750කි. මෙහි නිවාස ඒකක 3,000ක මහල් නිවාස සංකීරිණ වනපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.මෙම අවබෝධතා ගිවිසුම් නීතිපති දෙපාර්තමේන්තූව වෙත යොමුකර ඇති බව පැවසෙයි.

ගම් අතර, තවත් ඉඩම් කිහිපයක් විදේශ ආයෝජකයන් වත බදු දීමට අදාළව සාකල් පවත්වමින් තිබෙන බවද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කරයි.මෙහිදී කොළඹ කොටුවේ අක්කර 09ක. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මැල්සියානු ආයෝජකයෙකු අවධානය යොමුකර තිබේ. ඒ අනුව මහල් නිවාස, සාප්පු සංකීර්ණයක් හා හෝටල් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ. මේ සදහා ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එහි ඉඩමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක් බවට ගණන් බලා තිබේ.ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි අක්කර 1.5ක ඉඩමක් හෝටල් හා නිවාස ව්‍යාපෘතියක් වනුවන් ලබා ගැනීමට චීන සමාගමක් සාකච්ඡා ආරම්භ කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.සිංගප්පූරු සමාගමක් කටුනායක හා ගාල්ල ඉඩම් කිහිපයක ආයෝජනය කිරීමට අපේක්ෂා කරන අතර,

තවත් සමාගමක් ජා-ඇල ඉඩම් කිහිපයක ආයෝජනය කීරිමට අපේක්ෂා කරයි.මේ අතර නුවරඑළියේ සිට නානු ඔය දක්වා ලක්බල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. මාස 18කින් නිම කිරීමට අපේක්ෂික මටවහපනික් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 55කි.

– GLN

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *