විදේශ මුදල් අතේ ඇති අයට මහ බැංකුවෙන් විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම් දීමක්

0
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සඳහන් කර ඇති ආකාර ඔස්සේ ලබා ගත් විදේශ මුදල් අත ඇති අයට එම මුදල් යෙදවීමට හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම් දීමක් මහ බැංකුව විසින් කර තිබේ.

එහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ අදාළ විදේශ විනිමය, ඩොලරයක් රු.210 බැගින් වන පරිදි රුපියල්වලට පරිවර්තනය කිරීම හෝ ඕනෑම බැංකුවක රුපියල් ගිණුමක තැන්පත් කළ හැකි බවයි.

තවද පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක හෝ විශේෂ තැන්පතු ගිණුමක තැන්පත් කිරීමටද මහ බැංකුව මෙහිදී දිරිගන්වා ඇති අතර එසේ නැතහොත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීමටද මහ බැංකුව ආරාධනය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com