දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සත්ත්ව පැටවුන් පස්දෙනකුට නම් තැබීමට දරුවන්ට ආරාධනා

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සත්ත්ව පැටවුන් පස්දෙනකුට නම් තැබීමට දරුවන්ට ආරාධනා
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාස 3ක කාලයේදී උපත ලද ක්ෂීරපායී සත්ත්ව පැටවුන් පස්දෙනකුට නම් තැබීමට අවුරුදු 18ට අඩු දුවා දරුවන්ට ආරාධනා කරන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.
බුරු පැටියා, හිපෝ පැටියා, ඔරික්ස් ගව පැටියාට හා සිළු වඳුරු පැටවුන් දෙදෙනකුට මෙලෙස නම් තැබීමට නියමිත බවද සඳහන්, මෙම පැටවුන් 5 දෙනාට නම් තැබීමට කැමති දුවා දරුවන් එම නම් දෙසැම්බර් 20 වැනිදාට පෙර 0706188488 යන අංකයට එස් එම් එස්, වට්ස් ඇප් හෝ nationalzoo.gov.lk යන ෆේස්බුක් පිටුව හරහා යොමු කරන ලෙසද ඉල්ලා සිටි.
එම පනිවිඩයේ සත්ත්ව පැටවා, යෝජිත නම, ඔබගේ නම, වයස, පාසල සහ ලිපිනය ද සටහන් කර එවන ලෙසද දූදරුවන්ගෙන් ඉල්ලා සිටි.
එක් එක් පැටවාට දූ දරුවන් විසින් යෝජනා කරන ලද නම් අතුරෙන් ඉතාම සුදුසු නම තෝරාගනු ලබන බවත් එම තෝරාගත් නම් එම සත්ත්ව පැටවුන්ට නම් තැබීමේ උත්සවය පැවැත්වෙන නත්තල් දිනයදා තබන බවත් සඳහන්. එම නම් තබන සත්ත්ව පැටවුන් 5 දෙනාට අදාළ නම් එවන ලද දූ දරුවන් (තෝරාගත්) 5 දෙනාට ත්‍යාග පිරිනැමීමට නියමිත බවද සඳහන්ය.