COVID-19 එන්නත් මිශ්‍ර කර “විෂමජාතී බූස්ටර් මාත්‍රා එන්නත්කරණය”ට යුරෝපා සංගමයේ අනුමැතිය

යුරෝපය තුළ COVID-19 එන්නත් මිශ්‍ර කර "විෂමජාතී බූස්ටර් මාත්‍රා එන්නත්කරණය"ට යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනයේ අනුමැතිය

යුරෝපය තුළ COVID-19 එන්නත් මිශ්‍ර කර "විෂමජාතී බූස්ටර් මාත්‍රා එන්නත්කරණය"ට යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනයේ අනුමැතිය

යුරෝපා සංගමයට අයත් රාජ්‍යයත්තුළදී COVID-19 මර්දන එත්තත් මාත්‍රා මිශ්‍ර කිරීම සදහා අනුමැතිය ලබාදීමට යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය (European Medicines Agency) පසුගියදා තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව කොරෝනා වෛරසය පරාජයට පත්කිරීමේ මෙහෙයුමේදී දැනට අනුමත කර ඇති එත්තත් මාත්‍රා එකිනෙක මිශ්‍ර කරමින් බූස්ටර් එන්නත්කරණයක් එම රටවල ක්‍රියාත්මක කිරීම අරමුණ වී තිබේ.

මේ සම්බන්ධ නිවේදනයක් නිකුත්කර ඇති එම ආයතනය, මෙලෙස එකිනෙකට වෙනස් එන්නත් වර්ග යොදාගැනීම ‘විෂමජාතීය එන්නත්කරණය’ ලෙස නම් කර තිබේ. ඒ හරහා පැහැදිලිවම COVID-19 වෛරසයට එරෙහිව ආරක්ෂාවක් ලැබෙනු ඇතැයි යන්න එම ආයතනයේ විශ්වාසය වී තිබේ. එසේම European Medicines Agency ආයතනය සහ රෝග පාලනය සහ වලක්වා ගැනීම සදහා වන යුරෝපියානු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම එක්නත් මාත්‍රා මිශ්‍ර කිරීම සහ ගැළපීම යන ක්‍රමෝපාය හරහා එම සංගමයේත් රාජ්‍යයන් අතර ක්‍රියාත්මක එක්නත්කරණ වැඩසටහන් වෙත වඩා වැඩි විකල්ප සොයාගැනීමේ අවස්ථාව හිමි වන බව පවසා සිටියි. “දැනට පවතින සාක්ෂිවලට අනුව මෙලෙස එකිනෙකට වෙනස් එත්තත් වර්ග මිශ්‍ර කරමින් ලබාදෙන’විෂම ජාතී බූස්ටර් මාත්‍රා එන්නත්කරණය’ හරහා ‘ඒක ජාතිය බූස්ටර් මාත්‍රා එන්නත්කරණය’ට වඩා හොද ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් හිමිවන බව හඳුනාගෙන තිබෙනවා.” යනුවෙන්ද European Medicines Agency පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *