කඩිනම් කළ ජල විදුලි බලාගාර 19ය පරිසරයට හානි දායකයි – පරිසරවේදීන්ගේ සංගම්

කඩිනම් කළ ජල විදුලි බලාගාර 19ය පරිසරයට හානි දායකයි - පරිසරවේදීන්ගේ සංගම්

කඩිනම් කළ ජල විදුලි බලාගාර 19ය පරිසරයට හානි දායකයි - පරිසරවේදීන්ගේ සංගම්

ඉදිකිරීමට යෝජිත ජල විදුලි බලාගාර 19ක කටයුතු කඩිනම් කරන්නැයි සුර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යංශය අදාළ අංශවලට දැනුම් දී ඇතත් එම බලාගාරවලින් බොහොමයක් සඳහා නීත්‍යානුකූල අවසර ලබා දිය හැකි මට්ටමක නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

කෑගල්ල, කළුතර, ගාල්ල, හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි දියඇලි ආශ්‍රිතව මෙම විදුලි බලාගාර ඉදිකළ හොත් එම දියඇලි විනාශවීම වැළැක්විය නොහැකි යැයි පරිසරවේදීන්ගේ සංගම් කිහිපයක් එක්ව කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී අවදාරණය කෙරිණි.

මාතර ඉලුක්පැලැස්ස ඇතුළු මෙම ව්‍යාපෘත බොහොමයක් පරිසර විරෝධතා හා මහජන අකමැත්ත මත නවතා දමා තිබු ඒවා බවත් ඒ පිළිබඳ තැකීමක් පවා නොකර ඉදිකිරීම් ඉක්මන් කරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇතැයි ඔහු කියා සිටියේය.

මේ දියඇලි ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත විදුලි බලාගාර 19න් වඩාත්ම පරිසරයට හානි දායක යැයි සැළැකෙන්නේ කලුතර අත්වැල්තොට පීලිතුඩ ඇල්ල ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත බලාගාරය යැයි එම මාධ්‍ය හමුව අමතමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිටත් එහි ඉහළ කොටසේ නායයාමක් සිදුවී ජීවිත 9ක් විනාශ වී පවුල් හයක් අවතැන්වූ බවත් තවදුරටත් අවදානම් කලාපයක් ලෙස එම ප්‍රදේශය හඳුන්වා තිබිය දි මෙම බලාගාරය ඉදිකිරීමට සැළසුම් කිරීම කණගාටුදායක කරුණක් බවත් විතානගේ මහතා පැවැසීය.

වසර දහයකට අධික කාලයක් තිස්සේ මෙම බලාගාරය ඉදිකිරීමට තැත්කරන බවත් ඊට එරෙහිව එන විරෝධතා නොසලකා කටයුතු කරන බව පෙනී යන බවත් කී විතානගේ මහතා සිංහරාජ වනාන්තරයෙන් පෝෂණය වන මෙම දිය ඇල්ල ආශ්‍රීතව ඒකදේශික මතස්‍ය විශේෂ 15ක් හා ආවේනික මතස්‍ය විහේෂ 18ක්ද වාසස්ථානය කරගෙන සිටින්නේ යැයි ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *