පැසිෆික් දූපත් කලාපයෙහි චීන නාවික බලය – අන්තර්ජාතික විශ්ලේෂකයන්

පැසිෆික් දූපත් කලාපයෙහි චීන නාවික බලය - අන්තර්ජාතික විශ්ලේෂකයන්

පැසිෆික් දූපත් කලාපයෙහි චීන නාවික බලය - අන්තර්ජාතික විශ්ලේෂකයන්

චීනය පැසිෆික් දූපත් කලාපයේ නාවික බලය තහවුරු කර ගැනීමේ වෑයමක නිරත වන බව අන්තර්ජාතික විශ්ලේෂකයන් පිරිසක් අනාවරණය කර තිබෙනවා.

එම, විශ්ලේෂකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ චීනය විසින් කිරිබාති දූපත්හි වාණිජ ධීවර ව්‍යාපෘතිවලට සමගාමීව යුදමය මධ්‍යස්ථානයන් ඉදිකිරීමද ආරම්භ කර ඇති බවයි. මේ හරහා චීනය, ක්‍රමානුකූලව කිරිබාති ආශ්‍රිත පැසිෆික් කලාපයේ නාවික බලය වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවයි India Times වාර්තාවක දැක්වෙන්නේ.

කොරෝනා වසංගතයෙන් ආර්ථික වශයෙන් දුර්වල වී සිටින කිරිබාති රාජ්‍යය දැනටමත් මේ සදහා සිය එකගතාවය පළකර ඇතැයිද එම වාර්තාවේ සදහන්.

මේ අතර, වනවාටු දූපත් ආශ්‍රිතවද එවැනිම වාණිජ සහ ආරක්ෂක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට චීනය සැලසුම් කර තිබෙනවා.
කෙසේවෙතත්, ඊට වනවාටු දූපත් බලධාරීන් තවමත් අනුමැතිය ලබාදී නැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *