මාව ක්‍රිකට් වලට පෙළඹෙව්වේ සංගක්කාර – ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා
![](https://srihanda.lk/wp-content/uploads/2021/11/kumar-sangakkara-smritha-mandana-650x340.jpg)
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර තම ක්‍රිකට් දිවියේ පුර්වාදර්ශය බව නැගී එන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩිකාවක වන ස්ම්‍රිති මන්දනා පවසයි, එමෙන්ම තමන් ලකුණු අතර නොමැති අවස්ථාවල කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන වීඩියෝ දර්ශන බලා තමන් ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නා බවද ඇය ප්‍රකාශ කළේය වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ තම දිවියේ එකම සිහිනය කුමාර සන්ගක්කාර මුණගැසීම බවය, ඇය සිහිනය සැබෑ කර ගත් අවස්ථාවේ මෙළෙස අදහස් පළකළේය.
මම ඔහුගේ දැඩි රසිකාවියක්, ඔහු කතාකරන්න රුචියක් ඇතිවන කෙනෙක්, අපි විනාඩි 15ක් විතර කතා කළා, මම පන්දුවට පහරදෙන ආකාරය ගැන ඔහුගෙන් ඇහුවා, ඔහු කිව්වා ඔයා හොඳට බැට් කරනවා, ඒගැන වැඩිය හිතන්න එපා කියලා, මේ විදිහටම ක්‍රීඩා කරන්න කිව්වා. කුමාර් සංගක්කාර සමග කතාකළ ඒ විනාඩි 15 තමන්ට දැඩි ආත්ම විශ්වාසයක් හා සතුටක් ඇති උන බව ඇය පැවසීය.
1996 වසරේ ජූලි 18 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලැබූ ස්ම්‍රිති මන්දනාට ක්‍රිකට් නැරඹීමට ආසාව ඇතිවී ඇත්තේ කුමාර් සංගක්කාරගේ පිතිකරනය හේතුවෙනි, පසුව ඇය ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසිය වර්තමාන කාන්තා ක්‍රිකට් හී මන්දනා දක්ෂ ක්‍රිකට් ක්‍රිඩිකාවකි, ඇය අසාර්ථක වන වාරයක් වාරයක් පාසා කුමාර සන්ගක්කාරගේ පිතිකරනය නැරඹීම පුරුද්දක් කොට ගෙන ඇත කුමාර සන්ගක්කාර මහතා හමුවීම ඇයගේ ජීවිතයේ සිදුවූ විශේෂ අවස්ථාවක් ලෙස ඇය හැදින්විය.