දැඩි නීති පනවනවාද? ලොක්ඩවුන් එකකට යනවාද? – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

දැඩි නීති පනවනවාද? ලොක්ඩවුන් එකකට යනවාද? පවතින තත්ත්වයත් එක්ක තීරණයක් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
උත්සව සමයේදී විශේෂයෙන්ම මේ අවුරුද්ද අග බාගය වන විට සංචරණ සීමා දමා රට වැසීමක් සිදු කළොත් ඒක පුදුම වෙන්න දෙයක් නෑ, මොකද අපි බරපතළ පාඩම් ඉගෙන ගෙන තියෙනවා මීට කලින් උත්සව ආසන්නයේ සිදුවූ ක්‍රියාවන් නිසා යනුවෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හේමන්ත හේරත් මහතා “අපි ලොකු පාඩම් ඉගෙන ගත්තා පසුගිය දෙසැම්බර් මාසයේ, අප්‍රේල් මාසෙත් ඒ පාඩම් ඉගෙන ගත්තා. දැඩි නීති පනවනවාද ලොක්ඩවුන් එකකට යනවාද කියන ඒක රජය මඟින් තමා තීරණ ගන්නේ පවතින තත්ත්වයත් එක්ක සැලකිල්ලට අරගෙන. යනුවෙන්ද සඳහන් කරනවා.
එම නිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපැදිය යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.