පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුව අල්ලා ජනතාව ගස්බැඳලා

මත්පැන් පානය කොට ගල්පාත, බහුරුපොල ප්‍රදේශයේ අශෝබන ලෙස ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි හැසුරුණු පානදුර ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ප්‍රදේශවාසීන් විසින් ලයිට් කනුවක බැඳ තබා කළුතර උතුර පොලීසියට බාර දී ඇත.

මෙම මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමග ගල්පාත ප්‍රදේශයට පැමිණ මත්පැන් පානය කොට ඇති අතර පිරිසෙන් මගහැරුණු මන්ත්‍රීවරයා ගල්පාත, බහුරුපොල ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අශෝභන ලෙස හැසිරී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව කොහු ලණු කැරලි කීපයක් ගෙන අසළ ඇති විදුලි කණුවක බැඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුව සැකකාර මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර මන්ත්‍රීවරයාව නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර සිදුකළ පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කොට සිටි බවට තහවුරු වී ඇත.

සැකකරු ඊයේ දින (22) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කටන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *