කෝටි 6 ක කේරෙළ ගංජා යාපනය මුහුදු තීරයෙන් මතුවෙයි
 
                නාවික හමුදාව විසින් ඊයේ (21) අලුයම යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ඩිංගි යාත්‍රාවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක ප්‍රමාණයක් සිය බාරයට ගත් බව නාවික හමුදාව කියයි.
මේවායේ වීදි වටිනාකම රුපියල් කෝටි 6 ට අධික බවද නාවික හමුදාව පවසයි.
නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව වෙරළ ආශ්‍රිතව අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක සඟවා තිබු මෙම කේරළ ගංජා තොගයක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි. මේවා විශාල ගමන්මළු 07ක පාර්සල් 105ක් වශයෙන් අසුරා තිබු බව නාවික හමුදාව කියයි.

 
                                            


